ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද(02) පෙරවරුවේ කොළඹ වරායට පැමිණි තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු තිබෙනවා.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Shalki’සබ්මැරීනය, දිගින් මීටර් 64.4 ක් හා නැව් මුළුව 40 ක ගෙන් සමන්විතය.
එහි අණදෙන නිලධාරී Commander Rahul Patnaik සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් සිදු විය.
‘INS Shalki’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සහභාගී වීමට නියමිතව ඇති අතර, සබ්මැරීනයේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව තිබෙනවා.
තවද, මෙම නිල සංචාරය නිමා කරමින් එළැඹෙන 04 වනදා දින ‘INS Shalki’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.