ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ පෝට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 80%ක් අවසන් කර ඇති අතර මේ වන විට ජල සැපයුම ආරම්භ කර ඇති බවයි.
පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳ යාවත්කාලීනයක් ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එහි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් ව්‍යාපාර උපාය මාර්ගික පනත යටතේ අනුමැතිය ලබාගත යුතු බවයි.
ඒ අනුව අයදුම්කරුවන් තම ව්‍යාපෘති වාර්තා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවද රාජ්‍ය අමාත්‍ය අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය.
නව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මගින් ආර්ථික කොමිෂන් සභාව හරහා ආයෝජන ප්‍රවර්ධන කටයුතු විධිමත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.