ආහාර වෙළඳ දැන්වීම්වලට 2025 ජනවාරි 01 වැනිදා සිට ළඳරුවන්, කුඩා ළමයින්, අවුරුදු 12ට අඩු ළමුන්, ගැමිණි මව්වවරුන්, කිරිදෙන මව්වවරුන් පෙනීසිටින දැන්වීම් පළකිරීමට තහනම් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ආහාරවලින් ඇතැම් ලෙඩ රෝග සුව කළ හැකි බවට ගෙන යන ප්‍රචාර වැරදි සහගත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍යවරයා එහිදී පවසා සිටියේ.