ශ්‍රී ලංකාවේ පුද්ගලයින් බොහෝ දෙනෙක් තුන්වේලටම බත් අනුභව කරන අතරින් එය එතරම් සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි ආහාර පාලන ඒකකයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා සිටියා.
ලංකාවේ ප්‍රධාන ආහාරවේල වන බත් ප්‍රමාණයෙහි වෙනසක් සිදුකළ යුතු බව ඔහු පවසා සිටිනවා. මෙලෙස බත් පරිභෝජනය නිසා බෝ නොවන රෝග රැසක් ඇතිවන බවත් ඒ අතර ස්ථූලතාවය අධික රුධිර පීඩනය බුද්ධි හීනතාවය ප්රමුඛ ස්ථානය ගන්නා බව හෙළිදරව් වී තිබෙනවා.
බත් කන ප්‍රමාණය අඩුකර ගැනීම මගින් රෝග රැසක් වැළඳීම වළක්වා ගත හැකි බව ඔහුගේ අදහසයි.
පුද්ගලයෙක් වසරකට සහල් කිලෝ 150කට වැඩියෙන් ආහාරයට ගන්නා බවත්, සතියට කිලෝග්‍රෑම් 2.8ක් අනුභව කරන බවත් එයත් සමඟ ලබා ගන්නා අර්තාපල්, ඉරිඟු වැනි ආහාර නිසා කාබෝහයිඩ්රේඩ් ප්‍රමාණය වැඩි වෙන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා.
ලබා ගන්නා ආහාර විවිධාංගීකරණය විය යුතු බවත් ජාතියක් ලෙස අප ගන්නා බත් ප්‍රමාණය වැඩි අතර මෙය වෙනස් කිරීමට, ගන්නා ශක්ති ප්‍රමාණයෙන් කොටසක් මස් මාංශ පිණිස වෙන් කිරීම උචිත බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.