වේගපන්දු යවන්නන්වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංඛ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා.
මතීෂ පතිරණ ඉන්දියාව සමග පැවති තුන්වන විස්සයි20 තරගයේදී උරහිසේ ආබාධයකට ලක්වුණා.
මෙම ආබාධය හේතුවෙන් ඔහුට තරගයේ පන්දු යැවීමට නොහැකි වූ අතර, මේ වනවිට ඔහු එක්දින තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.
ඩිල්ෂාන් මධුශංක පුහුණු සැසියක් අතරවාරයේ මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත්ව තිබෙනවා.
එමෙන්ම දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු රෝගාතුර වීම හේතුවෙන් T20 තරඟාවලිය අහිමි වූ අතර, නුවන් තුෂාරගේ ද අබාධයක් නිසා තරගාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙනවා.
වේගපන්දු යවන්නන් පස් දෙනෙකු මේ වනවිට අබාධවලට ලක්ව ඇති බැවින්, ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලියට සූදානම්වන ශ්‍රී ලංකාව සැලකිය යුතු අභියෝගයකට මුහුණ දෙයි.