ටෙහෙරානයේදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට පළිගැනීමක් වශයෙන් ඊශ්‍රායලයට සෘජුවම පහර දෙන ලෙස ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි විසින් නියෝග කර තිබෙනවා.
හනියේ ඝාතනයෙන් පසුව රැස්වු ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී කමේනි මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ඉරානයේ ප්‍රතිප්‍රහාර සැලසුම සංකේතවත් කිරීම වෙනුවෙන් රක්ත වර්ණයෙන් යුත් ධජයක් ඉරානයේ ජම්කාරන් පල්ලියේ ඔසවා තිබුණා.
මේ අතර ඝාතනයට ලක්වු හනියෙගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ ප්‍රධානත්වයෙන් එරට වේලාවෙන් අද උදෑසන ටෙහෙරාන් හීදී පැවැත්වීමට නියමිතයි.
කෙසේවෙතත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසන්නේ හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන එක්සත් ජනපද රාජ්‍ය ලේකම්
පළමුව, අප මේ සමබන්ධයෙන් දැනුවත් බවක් සහ මැදිහත්වීමක් නැහැ. මෙය අනුමාන කිරීමට ඉතා අපහසු දෙයක්. එක සිදුවීමක් තවත් සිදුවීම් කිහිපයකට මුල්වීමක් බව ප්‍රකාශ කරන්න බැහැ. ඒ් නිසා මට මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදෙන්න බැහැ. මට කිවහැක්කේ සටන් විරාමයක් ලබාගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් සෑම කෙනෙක්ම ඒහි වැදගත්කම දන්නවා. ඒ සඳහා කාලයක් ගතවුවද ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම කටයුතු කරන බව මට ප්‍රකාශ කළ හැකියි