දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අනිද්දා (03) කොළඹට කැදවා තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස කොළඹට කැදවා ඇති බවයි.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම මේ මස 05 වනදායි අවසන් වනවා.
මේ අතර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු 06 දෙනෙකු මේ වනවිට ඇප තැන්පත් කර තිබෙනවා.