පොලිස්පතිවරයා සම්බන්ධ අර්බුදයේදී ජනාධිපතිවරයා තීරණයක් ගැනීමට මැළිවන්නේ තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ චේතනාවෙන් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (30) බුල්නෑව ප්රදේශයේ පැවති ගොවි හමුවකදියි.
එහිදී අග්රාමාත්යවරයා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කළ ප්රකාශය හැකි නම් ඉන් පිටතදී සිදු කරන ලෙස මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්රීවරයා අභියෝග කර සිටියා.