මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමට ගෙන්වා සාකච්ඡා කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (31) ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි.
එහිදි සභාපතිවරයා පැවසුවේ ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය පොලිසිය ලබා ගැනීමට ඊයේ (30) දින පොලිස්පතිවරයා හෝ වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදු කර ඇති බවයි.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (30) පස්වරුවේම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට මැතිවරණයට අවශ්‍ය පොලිස් නිලධාරින් ලබා දීමට කටයුතු කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙන බව සභාපතිවරයා කියා සිටියා.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමට ගෙන්වා සාකච්ඡා කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් කියා සිටියා.