ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අද(31) ඇප මුදල් තැන්පත් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් විපක්ෂ නායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමටයි මේ වනවිට සියළු කටයුතු සූදානම්කර ඇත්තේ.
පසුගිය 26වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා ඇප මුදල් තැන්පත්කිරීම සිදුකරනු ලැබුවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ස්වාධීනව තරග කිරීමට සරත් කීර්තිරත්න, අභිනව නිවහල් පෙරමුණෙන් ඕෂල හේරත්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් ඒ.එස්.පී. ලියනගේ මේ වනවිට ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.