රනිල්ට සහාය නොදැක්වීමට පොහොට්ටුව ගත් තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, වීනාශකාරී තීන්දුවක් බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ ‘එක්ව ජයගමු’ යන තේමාව යටතේ ඊයේ (30) බම්බලපිටිය ලොරිස් පටුමගේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිණි.
එහිදී රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කීප දෙනකුගේ අවශ්‍යතාවය මත අපේ පාක්ෂිකයාගේ මතයට විරුද්ධව ඔවුන් තීන්දුවක් ගෙන තිබෙනවා.
විජේරාමයේ පොහොට්ටු කල්ලියේ තීන්දුව නාට්‍යයක්. පොහොට්ටුවේ බහුතරය රනිල්ට යැයි මෙහිදී කියා සිටි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මහින්ද රාජපක්ෂ මහතා එම තීන්දුව නිවැරැදි කරයි අපේක්ෂා කරන බවද කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කීප දෙනකුගේ අවශ්‍යතාවය මත අපේ පාක්ෂිකයාගේ මතයට විරුද්ධව තීන්දුවක් ගෙන තිබෙනවා. පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ගත් තීරණයක්. මේ රටේ අනාගතයේදී 2022 දී ඇති වූ ආර්ථික අර්බුදයට හා කලහකාරී තත්ත්වයට ගමන් කරනවාද? නැත්තම් මේ වසර දෙක තුළ ඇති කර ගත්තා වූ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යනවාද කියලා තීන්දු කරන මැතිවරණයක් මේක.