තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2023 වසරේ නිකුත් කළ ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් කළ ඉල්ලීමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කළා.
දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ.
පැමිණිලිකරු අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් අවශ්‍ය කරුණු තහවුරු කිරීමට අපොහොසත් වී ඇති නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව අධිකරණය සඳහන් කළා.