By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඉන්දියාව තුන් වන විස්සයි 20 තරඟයත් ජය ගනී
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > ඉන්දියාව තුන් වන විස්සයි 20 තරඟයත් ජය ගනී
ක්‍රීඩා

ඉන්දියාව තුන් වන විස්සයි 20 තරඟයත් ජය ගනී

Last updated: July 31, 2024 12:19 am
2 Min Read
Share

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලියේ අද (30) පැවති අවසන් තරගයේ ජය වාර්තා කිරීමටත් ඉන්දියාව සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 137ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී තිබියදීයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය හිමික‍රගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව, පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ, Yashasvi Jaiswal ලකුණු 10ක්ද, නායක Suryakumar Yadav ලකුණු 08ක්ද, Shubman Gill ලකුණු 39ක්ද, Riyan Parag ලකුණු 26ක්ද, Washington Sundar ලකුණු 25ක්ද, රැස් කර ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ Maheesh Theekshana කඩුළු 03ක්ද, Wanindu Hasaranga කඩුළු 02 ක්ද, Chamindu Wickramasinghe, Asitha Fernando, Ramesh Mendis එක කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 138ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 137ක් ලබා ගැනීම හේතුවෙන් තරගය සුපිරි පන්දුවාරයක් කරා යොමු කෙරුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 26ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්ද, කුසල් පෙරේරා ලකුණු 46ක්ද, වනිඳු හසරංග ලකුණු 03ක්ද, චරිත් අසලංක ලකුණු කිසිවක් නොලබාද, රමේෂ් මෙන්ඩිස් ලකුණු 03ක්ද රැස් කර ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ Ravi Bishnoi සහ Washington Sundar කඩුළු 02 බැගින්ද, Rinku Singh සහ Suryakumar Yadav කඩුළු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.

අනතුරු ක්‍රියාත්මක වූ සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02ක් දැවී යාම හේතුවෙන් පන්දු වාරය පන්දු තුනකට පමණක් සීමා වූ අතර ලකුණු 02ක් පමණක් රැස් කරගනු ලැබුවා.

අනතුරුව පිළිතුරු ඉනිම හඹාගිය ඉන්දීය කණ්ඩායම එක් පන්දුවක් පමණක් වැය කරමින් ලකුණු 04ක් ලබා ගනිමින් මෙම තරගයේ මෙන්ම සමස්ත තරගාවලියම අපරාජිතව ජය ගැනීමට සමත් වුණා.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:CricketIndian Cricket TeamSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?