පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මෙතෙක් තීරණය කර නොමැති අතර පක්ෂයේ සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා ගැනීමට උත්සාහ කරන බව විදුලිබල හා බලශක්ති කංචන විජේසේකර පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
එහිදී ඔහු කියා සිටියේ පක්ෂයේ සියළු දෙනාම පොදු ජන පෙරමුණු පක්ෂය දෙකඩ කඩන්නේ නැතිව ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බව විශ්වාසයක් කරන බවයි.
පක්ෂයේ ඉතාම සුළු පිරිසක් විසින් පක්ෂයේ අන්‍යනතාවය රැක ගැනීම යැයි කියා පක්ෂය පරාජයට ඇඳ දමමින් කටයුතු කරන බව හෙතෙම කියා සිටියා.