නිසි බලපත්ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට එරෙහිව පනවා තිබූ දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ නංවා තිබෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්රකාශ කළේ ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල් දස දහසක දඩ මුදලක් බවයි.
සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා දඩ මුදල් ඉහළ නැංවීම සිදුකර තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට බලපත්ර ලබා නොගන්නා වෙළෙඳසැල්වලට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක කරන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්රකාශ කළේ.