ජාතික ජන බලවේගයේ ඊයේ (28) පැවති රැස්වීමකට හෙද සාමාජිකයින් නිල ඇඳුමින් සහභාගී වී සිටියා.
මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව මැතිවරණ කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළා.
මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවැති රැස්වීමට හෙද නිලධාරීන්ට සහභාගී වීම සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබා දීමට අදාළ ලිපියක් ද මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන වෙනුවෙන් අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ පාලන අංශයේ අධ්යක්ෂ එම්.එල්.එම්. අන්වර් අලීගේ අත්සනින් යුතුවයි.
එම හෙද නිලධාරීන්ට එදින රාජකාරී නිවාඩු සහ දුම්රිය ගමන් බලපත්‍ර ලබාදීමට කටයුතු කරන ලෙස ද ලිපියේ වැඩිදුරටත් සඳහන්.