සොරා ගත් යතුරුපැදියකින් ඝාතනයක් සඳහා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් විදේශක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සහ හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රිවොල්වර වර්ගයේ ගිනි අවිය, 38 වර්ගයේ ජීව උණ්ඩ පහක් , හොරයින් මත්කුඩු මිලිගෑම් 11760 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඉකුත් 16 වැනි දින හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් නොහොත් ජොන්ටි යන අය ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීම සඳහා කොස්ගොඩ සුජී පාර්ශ්වයේ අනුගාමිකයකු වන විදෙස් ගතව සිටින හසිත නොහොත් දෙලා තීරෝද රථ රියදුරුකුවන සෝනි නැමැත්තා ඝාතනය කිරීමේ අරමුණින් මෙම සැලැස්ම දියත් කොට තිබෙනවා.
මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දුන් බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
අම්බලන්ගොඩ දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වතු ගෙදර පරගහතොට පොකුණු පාර පදිංචි පින්තාරු ශිල්පියෙකු ලෙස කටයුතු කරන ලක්ෂාන් නොහොත් පොඩි රතු හා එම ප්‍රදේශයේම පදිංචි ත්‍රී රෝද රථ කාර්මිකයකු වන මදුසංක නොහොත් සංජු යන 27 හා 29 හැවිරිදි පුද්ගලයන් බව පොලිසිය පවසනවා.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සම්පත් මාතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.