ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පක්ෂයේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අද විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී පැවැති දේශපාලන මණ්ඩලයේ දී යි.
රැස්වීමෙන් පසු අදහස් පල කල පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ පක්ෂය පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් අද රැස් වූ සාමාජිකයන්ගේ බහුතරයක් එම මතයේ සිටින බවත්ය. තවද මෙම මතයට පිටින් ක්රියා කරන අය සඳහා විනය ක්රියාමාර්ග ගැනීමට පක්ෂ පසුබට නොවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බැවින් ජනාධිපතිවරයාට සහය දීමට නොහැකි බවත් ජනාධිපතිවරයාට සහය පල කරන මතයේ සිටියේ ඉතාම සුළුතරයක් බවත් ඔහු කියා සිටියා.
සුදුසුම අවස්ථාවේදී ජයග්රහණය කල හැකි අපේක්ෂකයෙක් නම් කරන බවත් 15 වැනිදාට පෙර එය දැනුම් දෙන බවත් ඔහු ප්රකාශ කළා.