By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: දැන් ඡන්දෙ දාන්න ගමේ යන්න ඕන ම නෑ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > දැන් ඡන්දෙ දාන්න ගමේ යන්න ඕන ම නෑ
දේශීය

දැන් ඡන්දෙ දාන්න ගමේ යන්න ඕන ම නෑ

Last updated: July 29, 2024 10:32 am
2 Min Read
Share

මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ තමා පදිංචි ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීමට යම් තර්ජනයක් හෝ බියක් පවතින ඡන්දදායකයින් සඳහා වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී තම ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ 119 ආ වගන්තිය යටතේ ප්‍රතිපාදන සලසා ඇති බවට සියලුම ඡන්ද දායකයන් වෙත මැතිවරණ කොමිසම විසින් පහත නිවේදනය හරහා දැනුවත් කිරීම් සිදුකර ඇත.

එම නිවේදනය පහතින්,

ජනාධිපතිවරණය – 2024

තමාගේ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ පවතින තත්වය හේතුකොට ගෙන, එම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තමාගේ ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලුම් කිරීමට 1988 අංක 16 දරන පනතින් සංශෝධනය කරන ලද 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ 119 ආ වගන්තිය යටතේ ඒ සම්බන්ධ ප්‍රතිපාදන සලසා ඇත.

මේ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරි සහ ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි කාර්යාල වලින් ලබා ගත හැකි ය. නීත්‍යානුකූලව නාමයෝජනා දැන්වීමේ දින සිට දින 7ක් ඇතුළත දී, එනම් 2024 අගෝස්තු මස 01 දින හෝ ඊට පෙර අදාළ ඉල්ලුම්පත්‍ර මැතිවරණ කොමසාරිස් ජනරාල්, මැතිවරණ කොමිෂන් සභාව, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතු ය.

ඉල්ලුම්කරුවන් විසින් 2024 වර්ෂයේ ඒකාබද්ධ ඡන්දහිමි නාමලේඛනය පදනම් කරගෙන අදාළ විස්තර ඉල්ලුම් පත්‍ර වලට ඇතුළත් කළ යුතු ය. මෙම නාමලේඛනයට අදාළ තොරතුරු සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල/ කච්චේරිවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තබනු ඇත. තවද, 2024 ඒකාබද්ධ ඡන්ද හිමි නාමලේඛන ලියාපදිංචි විස්තර www.elections.gov.lk වෙබ් අඩවියෙන්ද පරීක්ෂා කළ හැකිය.

ඉල්ලුම් පත්‍රයේ සඳහන් තොරතුරු ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විසින් නිවැරදි බවට සනාථ කළ යුතු වේ. ඉල්ලුම් පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් නොමිලේ ලබාගත හැකි අතර www.elections.gov.lk වෙබ් අඩවියෙන්ද බාගත කළ හැකිය. ග්‍රාම නිලධාරී සහතිකය නොමැති ඉල්ලුම පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalPoliticalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?