By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කෝටි 88ක බදු වලට පොලු තැබූ රාජ්‍ය ආයතන
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කෝටි 88ක බදු වලට පොලු තැබූ රාජ්‍ය ආයතන
දේශීය

කෝටි 88ක බදු වලට පොලු තැබූ රාජ්‍ය ආයතන

Last updated: July 29, 2024 2:53 pm
2 Min Read
Share

එකතු කරන ලද අගය මත බදු (වැට්) ලෙස රාජ්‍ය ආයතන 13කින් පසුගිය පස්වසරේදී 2019 ජනවාරි 01වන දින සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් අසූඅට කෝටි තිස් ලක්ෂයකට අධික මුදලක් අදාළ සැපයුම්කරුවන් 28දෙනෙකු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා නොමැති බව විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

2023 මැයි මාසය අවසානය වන විට වැට් බදු නොගෙවීමට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ අභියාචනාවලින් නොවිසඳී පවතින සංඛ්‍යාව 6,920ක් වන අතර, මතභේදකාරී තත්ත්වයන් හේතුවෙන් විසඳීම අවසන් කර නොතිබුණු අභියාචනා සංඛ්‍යාව 4,499ක්.

ඒ අතර වසර 02 ඉක්ම වූ නමුත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සිය තීරණය ලබා දීමට අපොහොසත් වූ අභියාචනා සංඛ්‍යාව 2,459ක්ව පවතී.

මේ බව අනාවරණය වූයේ ජාතික විගණන කාර්යාලය මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විගණන පරික්ෂණයක් මඟින්.

බාධාවකින් තොරව අය කර ගත හැකි බවට දෙපාර්තමේන්තුවෙන්ම හඳුනාගෙන ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් කෝටි හයදහස් දෙසීය හැත්තෑ අටකට අධික වන අතර, දඩ මුදල රුපියල් කෝටි පන්දහස් එකසිය පනස්එකකට අධික බවත් ජූලි මස 26 වන දින කරන ලද විගණන පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

විවිධ හේතු මත මේ දක්වා අය කර ගැනීම අත්හිටුවා ඇති හිඟ වැට් බදු මුදල කෝටි දහතුන්දහස් නවසිය තිහකට අධික වන අතර, අය විය යුතු දඩ මුදල්වල වටිනාකම රුපියල් කෝටි එකොළොස්දහස් පන්සිහැටනවයකට අධිකය.

හිඟ බදු ලෙස සඳහන් වුවද මෙම මුදල් පෞද්ගලික හෝ රජයේ ආයතනවලින් එකතු කර ගන්නා ලද මුදල් බැවින් එම මුදල් රජයට ලබා නොදී තමන් සතුව රඳවා ගැනීම පොදු දේපළක් ලෙස සැලකිය හැකි වටිනාකමක් බවද විගණකාධිපතිවරයා විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

සැපයුම්කරුවන්ට රාජ්‍ය අංශයේ ගෙවන වැට් බදු ලියාපදිංචි තැනැත්තන්ට නොගෙවා ඍජුවම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලැබීමේ යම් වැඩපිළිවෙළක් හඳුන්වා දීමේ හැකියාව ගැන අවධානය යොමු කරන ලෙස විගණකාධිකරයා විසින් නිර්දේශ කර ඇති බවයි වාර්තාවන්නේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:EconomicInland Revenue DepartmentLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?