ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (27) ගාල්ලේදී පැවති මැතිවරණ රැළියට එක්වෙමින්.
එම මන්ත්‍රීවරු පිරිස මෙම ගාල්ල රැළියට එක්ව සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120කට වැඩි ප්‍රමාණයක් සිටිනවා.





