පොලිසියේ ප්‍රධාන තනතුරු දෙකම හොබවන නිලධාරීන් දෙදෙනාම එම ධුරවල කටයුතු කිරීම අත්හිටුවීමත් සමග පොලිසියේ පරිපාලන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
පොලිස්පතිවරයා හා පොලිස් පරිපාලන අංශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉවත් කිරීමෙන් පසු එම තනතුරු සඳහන් නිලධාරීන් පත් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට කටයුතු කළේය.
එමෙන්ම අධිකරණ නියෝගයක් මත පොලිස් පරිපාලන අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ද අනිවාර්යත්වය නිවාඩු යැවීමට මේ වනවිට කටයුතු කර තිබේ.
එමෙන්ම පොලිස්පතිවරයාගේ හා පරිපාලන අංශ භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද පුහුණුවීම් සඳහා විදේශගතව සිටී.
මෙම තත්ත්වය මත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතුවලට දැඩි බාධා බාධා එල්ල වී ඇති බවද වාර්තා වේ.