ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු ලෙසකින් ජාතික ජන බලවේගයට සහාය නොදැක්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ.
ඔවුන් සතුව කිසිදු සමාජවාදී වැඩපිළිවෙළක් නැති බැවින් මේ තීරණය ගනු ලැබූ බවත් පෙරටුගාමී පක්ෂය මූලිකව පිහිටුවා ඇති ජන අරගල සන්ධානයෙන් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් එම සන්ධානයේ විධායක කමිටු සාමාජික සුරේඛා සමරසේන මහත්මිය පැවසුවාය.
කොළඹදී ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීවාය.
පසුගිය වර ඉදිරිපත් වුණ දුමින්ද නාගමුව නොව වෙනත් අයකු ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසූ ඇය ලබන සතියේ එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන බව ද කියා සිටියාය.