සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසම විසින් ප්රකාශයට පත් කිරීම පිළිබඳව ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් සිය ප්රසාදය පළ කර තිබෙනවා.
X ගිණුමේ සටහනක් යොදමින් ඇය කියාසිටින්නේ මෙය ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ශ්රී ලංකාවේ දීර්ඝකාලීන කැපවීම ප්රදර්ශනය කිරීමක් ලෙසයි.
ප්රජාතන්ත්රවාදය සඳහා ශ්රී ලංකාවේ දීර්ඝකාලීන කැපවීම තහවුරු කරමින් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ මැතිවරණ කොමිසමේ නිවේදනය පිළිබඳව සතුට පළ කරනවා. ශ්රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපි බලාපොරොත්තු වෙමු
යනුවෙන් ඇය වැඩිදුරටත් ප්රකාශ කර තිබෙනවා.