ජනාධිපති ලේකම් කාර්යාලයට 2022 වසරේ ජූලි මස 09 වනදා අරගලකරුවෙක් අයුතු ඇතුළුවීමක් කළ සිද්ධියේ ඇප මත මුදා හැර ඇති රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇතුළු කාන්තාවන් තිදෙනාගේ රුධිර සාම්පල ඩී එන් ඒ පරීක්ෂණයක් සදහා ලබන 27 රජයේ අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් යොමුවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (26) නියෝග කරනු ලැබුවා.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී දමිතා අබේරත්න, සචිනි කෞශල්‍යා සහ මොරින් නූර් යන විත්තිකාරිනියන්ට රස පරීක්ෂක හමුවේ පෙනී සිටි රුධිර සාම්පලයක් ලබා දෙන ලෙස පූර්වගාමි විනිසුරුවරයා ලබාදුන් නියෝගය දමිතා අබේරත්න ඉටුකර නොමැති බවත් ඒ හේතුවෙන් රුධිර සාම්පලයක් ලබාදීම සඳහා ඇයට නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා සිටින බවත් කොළඹ උතුර අපරාධ කොට්ඨාශය සඳහන් කළා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී හමු වූ සනීපාරක්ෂක තුවා හය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට රුධිර සාම්පල ලබා දෙන ලෙස සැකකාරියන් තිදෙනාට නියෝග කරන ලෙස කොළඹ උතුර අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් පසුගිය දිනයේ ඉල්ලිම් කළ අවස්ථාවේ දමිතා අබේරත්න වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ගතව සිටි බව නීතිඥ තිළිණ වීරසිංහ අධිකරණයට දන්වා තිබුණා.
මෙම නඩුවේ 17වන සැකකරු ලෙස ඇප මත මුදා හැර ඇති කොස්වතේ මහානාම හිමි සිවුරු හැර ඇති බවත්, ගිහි නම ගිහාන් දුමින්ද අමරසිරි ලෙස නඩු ගොනුවක් ඇතුළත් කරන ලෙසත්, පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඇප මත මුදා හැර ඇති අධිකරණයේ පෙනී නොසිටි හයවන සැකකරුට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන්ට නොතිසි නිකුත් කර ඇත.
මෙම නඩුවේ ඇප මත මුදා හැර ඇති සැකකරුවන්වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා, දුමින්ද නාගමුව, ජෝසප් ස්ටාලින්, වසන්ත සමරසිංහ, දමිතා අබේරත්න, වසන්ත මුදලිගේ, මංගල පුෂ්පකුමාර, ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු ඇප මත මුදා හැර ඇති සැකකරුවන් 41 දෙනෙක් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.
නීතිපති උපදෙස් සදහා ලබන දෙසැම්බර් මස 13 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.