දැන් කවුරු බලයට ආවත් රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති වලට වැඩ කරන්න ඕන
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සහ ඡන්ද විමසීමකින් තොරව අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත්වලට සංශෝධන ඇතුළත් කෙරුණු අතර ඉන් අනතුරුව තුන්වැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
මෙම පනත් දෙක 2024 මැයි 22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.