ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දී තිබියදී පක්ෂය දෙකඩ කිරීම පිලිබඳ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තම විවේචන පල කර සිටියා.
මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ මහතා මෙසේ පැවසීය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2022 දී තීරණය කළා රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව භාර ගන්නා ලෙස ආරාධනා කරන්න, ඔහු ඊට එකඟ වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහට උපරිම සහයෝගය ලබා දුන්නා. අද වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනි වුවත් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති පිළිබඳව කිසිදු මතයක් ප්‍රකාශ කර නැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙක රජය අපහසුතාවයට පත්කිරීමට හෝ රටේ දේශපාලන ස්ථාවරත්වය බිඳ දැමීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සම්පූර්ණයෙන්ම සහය දීම වෙනුවෙන් පක්ෂයට ලැබුණු ලොකුම තෑග්ග තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇති වූ බෙදීම. අපි අපේ වගකීම් ඉටු කර තිබෙනවා. අපි ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නවා.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.