පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ද ජනාධිපතිවරණයේ කටයුතු සඳහා ඉන් බාධාවක් ඇති නොවන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා.
ඊයේ (24) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවුවහොත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින බවයි.
මේ අතර හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ “අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් යටතේ ආණ්ඩුව කරනවානම් වැඩබලන පොලිස්පතිවරයෙක් යටතේ ඡන්දය තියන එක මහ දෙයක් නෙවෙයි” යනුවෙනි.