අපි චන්දේ තියන්නේ නෑ, චන්දවලට බයයි කියලා කියන අයගේ රැළි මුහුදේ රැළි වගේ එනවා, යනවා, බිදෙන බවත් රට යළි නොවැටෙන සියලු දෙනාම අත්වැල් බැදගන්නා රැල්ලක් ගාල්ලෙන් ආරම්භ කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
මීට වසර දෙකකට පෙර ගාල්ලට පැමිණ තමන්ට ප්‍රතිපත්‍තියක් නොව ප්‍රතිපදාවක් පමණක් තිබෙන බව පැවසූ බවත් එම ප්‍රතිපදාව වෙනුවෙන් වර්තමානයේ මුළු රටක් එකට එක්ව තිබෙන බවත් ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනට අද (24) එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.
කිසිදු භේදයකින් තොර සියලු දෙනා ඒකරාශී වූ ගාල්ලෙන් අරඹන රැල්ල පිළිබඳව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
“මම මීට වසර දෙකකට පෙර කිව්වා මට තියෙන්නෙ ප්‍රතිපත්තියක් නොවේ ප්‍රතිපදාවක් බව. අද ඒ ප්‍රතිපදාව වෙනුවෙන් මුළු රටම එකතු වෙලා තියෙනවා. අද පක්ෂ වලංගු වෙන්නේ නැහැ. පාට ජාති ආගම් වලංගු වෙන්නේ නැහැ. ඒවා තිබිය යුතුයි. නමුත් රට වෙනුවෙන් ප්‍රතිපදාවක් විදියට මිනිස්සු අද එකතු වෙන්න පටන්ගෙන තියෙනවා.”
ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී එසේ කී අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මේ රටට එවන්න එපා කියපු ඩොලර් ටික මිනිස්සු ගැන හිතලා එව්ව විගමනික ශ්‍රමිකයන්ට ගාල්ලේ මගේ පුරවරයේ ඉඳලා දෑත් ඔසොවා ආචාරය පුද කරනවා. රට ගොඩනගන්න ඔබ දුන් හයිය නොවන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් ඇතුළත මේ රට ගොඩගන්න වෙන්නේ නෑ. එතුමා කිව්වා අත්පොලසන් දිය යුත්තේ එතුමට නොවේ, ඔබට සහ කරදර ඉවසා දරාගෙන සිටි මිනිසුන්ට බව.