බාල Immune Globulin එන්නත් ආනයනය කිරීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු සමඟ කෙහෙළිය රඹුක්වැල්ල 2024 අගෝස්තු 08 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මෙම නඩුවට අදාළව මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ (MSD) වෛද්‍ය කපිල වික්‍රමනායක සුදුසු ඇප කොන්දේසි යටතේ මුදාහරින ලෙස අභියාචනාධිකරණය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ දැනුම් දුන්නා.
රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාගේ සහය ඇතිව ව්‍යාජ ලේඛන සකස් කර ඖෂධ සමාගමක් විසින් ප්‍රමිතියෙන් තොර Immune Globulin එන්නත් කුප්පි 22,500ක් ආනයනය කර ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එම විමර්ශන මත කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.