දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ රාජකාරි කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.
තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින් පෙත්සම් 9ක් ගොනු කර තිබුණි.
දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ.
එම පෙත්සම් විභාග කිරීමට අවසර දීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කළා.