මැතිවරණ කොමිසමෙහි සභාපතිවරයා මැතිවරණය පැවැත්වීමට යන වියදම් පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවට චෝදනාවක් එල්ල කරනු ලැබුවා.
මැතිවරණය වෙනුවෙන් විශාල වියදමක් දරනු ලබන ආයතන අතරින් තැපැල් දෙපාර්තමේන්තුවේ පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණාලය වනවා.
මෙම වියදම් වලින් සැලකිය යුතු මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් වියදම් කරනු ලබන අතර එයින් සැලකිය යුතු මුදලක් තැපැල් ඡන්දය වෙනුවෙන් වියදම් වන අතර පූර්ව ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් මෙම වියදම අවම කර ගත හැකි බව ඔහු සඳහන් කර සිටියා.
මේ දිනවලින් තැපැල් දෙපාර්තමේන්තුව තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩපයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර එය තවත් වසර දෙකක් සඳහා ප්‍රමාණවත් තරම් භාණ්ඩ ප්‍රමාණයක් බවත් මෙම වියදම් සියල්ල බැර වන්නේ මැතිවරණ වියදම් යටතට බවත් පවසා සිටියා.
ඔහු කියා සිටියේ මගුල අපේ හනිමූන් යන්නේ වෙන කට්ටියක් සංකල්පය මෙහිදී ක්‍රියාත්මක වන බවයි.
පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණාලයේද තත්ත්වය එම ම බව ඔහු ප්‍රකාශ කර සිටිනවා .තමන් ප්ලේන්ටියක් බීම වැඩ කරත් අනිත් අය අයිස් කෝපි බී වැඩ කිරීමට සූදානම් වන බව ඔහුගේ අදහසයි.