පොඩි මිනිහට එක විදිහක්, ලොකු මිනිහට තව විදිහක් – ගොවීන් චෝදනා කරයි
කුඹුරු ඉඩම් ගොඩ කිරීම නීතියෙන් තහනම්ව පවතින පසුබිමක් තුළ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු චක්‍රලේඛන උල්ලංඝණය කරමින් අනවසර ගොඩ කිරීම් සඳහා අනුමැතිය ලබා දීමේ පුවතක් වාර්ථා වී තිබේ.
ගොවීන් විසින් චෝදනා කරන්නේ මාලබේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ මාලබේ නැගෙනහිර ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයට අයත් අක්කර 3 වපසරියකින් යුතු කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සඳහා කොමසාරිස් වරයා විසින් අනුමැතිය ලබා දී ඇති බවය.
2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත 2011 අංක 46 දරණ පනතින් සංශෝධිත පනතේ 33 සහ 32 වගන්ති උල්ලංඝණ කරමින් මෙම අනුමැතිය ලබා දුන්නේ කෙසේද යන්නත් මෙහිදී අත යට ගණුදෙනුවක් සිදුවීද යන්නත් පිළිබද සැකයක් ඇති වී තිබෙන බවද ප්‍රදේශයේ ගොවීන් වැඩිදුරටත් පවසා සිටී.
මීට පෙර මෙම අනවසර ගොඩ කිරීම් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අධිකරණයේ පැවැරූ නඩුවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
මේ වන විට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පනතේ බලය අනිසි ලෙස යොදා ගනිමින් කටයුතු කරන කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබද විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව ගොවීන්ගේ ඉල්ලීමයි.