ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණාත්මක සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතුනු බවට ආරන්චි වනවා.
මේ සදහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වතාවක් ජනපති කලයුතු බවට පවසන පිරිස සහ නාමල් රාජපක්ෂ මහතාට හිතවත් සහ පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතු බවට පවසන මැති ඇමතිවරුද එක්ව සිටියා.
රැස්වීම දැඩි මත ගැටුම් කිහිපයක් නිසා උණුසුම් සවරූපයක් ගත් බවයි ආරන්චි වන්නේ.