ආර්ථික අර්බුදයේදී බලපත්‍රලාභී බැංකුවල රන් ආභරණ උකස් කළ අයට පොලී සහන ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
බලපත්‍රලාභී බැංකුවලින් 2024 ජූනි 30 වැනි දින හෝ ඊට පෙර තනි පුද්ගල පදනමින් ලබාගත් රු.100,000/- නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂික 10%ක උපරිමයකට යටත්ව පොලී සහන ලබාදීමට යෝජනා කර ඇත. .
රජය පවසන පරිදි පසුගිය කාලය තුළ රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය සෘජුව සහ වක්‍රව ආර්ථිකයේ සෑම අංශයකටම අහිතකර ලෙස බලපෑ අතර අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස රන් ආභරණ උකස් කිරීම වේගවත් විය.
ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගෙන් උකස් අත්තිකාරම් ලබාගත් අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සහන ලබා දීමේ අවශ්‍යතාව බලපත්‍රලාභී බැංකු විසින් හඳුනාගෙන ඇත.
ඒ අනුව රුපියල් 100000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව උපරිම 10%ක උපරිමයකට යටත්ව මහා භාණ්ඩාගාරයෙන් පොලී සහන ලබාදීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.