අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ ව්‍යාපාරයක් දියත් කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇත.
මෙම කාලය තුළ පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල මගින් නියම කරනු ලබන වැඩමුළු, බාහිර වෘත්තීය ක්‍රියාකාරකම් හෝ පුහුණු වැඩසටහන් සඳහා සහභාගි නොවන බව වෘත්තීය සමිති නිවේදනය කළේය.
ඉදිරි සති දෙක තුළ තම සාමාජිකයන් පන්තිකාමරවල ඉගැන්වීම් කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවත් බාහිර කටයුතු සියල්ලෙන් ඉවත් වන බවත් ජාතික විදුහල්පතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වූ ගුරුවරුන්ට ගැටලු විසඳීම වෙනුවට දඬුවම් කරන බවට ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් රජයට චෝදනා කළේය.
පළාත් ආණ්ඩුකාරවරුන් දේශපාලන කටයුතු සඳහා පාසල් යොදා ගන්නා බවට ද ඔහු චෝදනා කළා.
ජනාධිපතිතුමාගේ ශිෂ්‍යත්ව වැඩසටහනක් නිසා පසුගිය සතියේ මධ්‍යම පළාතේ දින දෙකක් පුරා වාර පරීක්ෂණ පැවැත්වුණේ නැහැ
ස්ටාලින් එසේ කිරීමට ආණ්ඩුකාරවරයාට ඇති බලතල ගැන ප්‍රශ්න කළේය.