විපක්ෂයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණත් රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කර ඇති අතර එය ඉදිරි දිනවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ඉරිදා කඩවත පැවති එක්ව ජයගමු – අපි ගම්පහ ජන රැළිය අමතමිනි.
තමන් විපක්ෂයේ සහය ඉල්ලා සිටියද විපක්ෂයේ කණ්ඩායම් දෙකෙන් එකක්වත් අවශ්‍ය සහය ලබා නොදුන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මම වැඩ කළේ පුද්ගලික වාසි තකා නොව රටේ යහපත වෙනුවෙන්. නමුත් සජබ හෝ ජවිපෙ අවශ්‍ය සහයෝගය ලබා දුන්නේ නැහැ. ලොව පුරා සංචාරය කරන අතරේ ඔවුන් අපට සහාය නොදෙන ලෙස ඉල්ලා සිටිනවා
යැයිද ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.
අපේ රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍රවලින් පමණක් තීරණය කරන්න බැහැ. මම ඒකට ඉඩ තියන්නේ නැහැ. දේශපාලනය රටේ අවශ්‍යතා සමඟ පෙළ ගැසිය යුතුයි. නැතිනම් අපේ රටට අනාගතයක් නැහැ. බොරු පොරොන්දු දෙනවාට වඩා අර්ථවත් වෙනස්කම් කරමින් අභිමානවත් ජාතියක් ලෙස අපි ඉදිරියට යා යුතුයි යැයි ඔහු සඳහන් කළේය.
රටේ ප්‍රගතිය දේශපාලන න්‍යාය පත්රවලට අනුව නොව ජාතික සංවර්ධනය පිළිබඳ පොදු දැක්මකින් ගමන් කළ යුතු බව ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මේ ප්රයත්නයට අපිත් එක්ක එකතු වෙන්න කියලා මම සජිත් ප්‍රේමදාසට සහ අනුර දිසානායකට ආරාධනා කරනවා. අපි එකතුවෙලා මේ ගමන යමු යැයි විපක්ෂ නායකයින්ට ආරාධනාවක් ද කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනා කළේ ඉදිරි මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් 26 දෙනෙකු සහ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 250 දෙනෙකු ඇතුළු 15,000කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.