By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම ගැන නිල දැනුම්දීම ළඟදීම කරනවා – ජනපති
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම ගැන නිල දැනුම්දීම ළඟදීම කරනවා – ජනපති
දේශපාලන

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම ගැන නිල දැනුම්දීම ළඟදීම කරනවා – ජනපති

Last updated: July 22, 2024 3:03 pm
2 Min Read
Share
Official announcement on the completion of debt restructuring soon – President

විපක්ෂයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණත් රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කර ඇති අතර එය ඉදිරි දිනවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ඉරිදා කඩවත පැවති එක්ව ජයගමු – අපි ගම්පහ ජන රැළිය අමතමිනි.

තමන් විපක්ෂයේ සහය ඉල්ලා සිටියද විපක්ෂයේ කණ්ඩායම් දෙකෙන් එකක්වත් අවශ්‍ය සහය ලබා නොදුන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මම වැඩ කළේ පුද්ගලික වාසි තකා නොව රටේ යහපත වෙනුවෙන්. නමුත් සජබ හෝ ජවිපෙ අවශ්‍ය සහයෝගය ලබා දුන්නේ නැහැ. ලොව පුරා සංචාරය කරන අතරේ ඔවුන් අපට සහාය නොදෙන ලෙස ඉල්ලා සිටිනවා

යැයිද ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.

අපේ රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍රවලින් පමණක් තීරණය කරන්න බැහැ. මම ඒකට ඉඩ තියන්නේ නැහැ. දේශපාලනය රටේ අවශ්‍යතා සමඟ පෙළ ගැසිය යුතුයි. නැතිනම් අපේ රටට අනාගතයක් නැහැ. බොරු පොරොන්දු දෙනවාට වඩා අර්ථවත් වෙනස්කම් කරමින් අභිමානවත් ජාතියක් ලෙස අපි ඉදිරියට යා යුතුයි යැයි ඔහු සඳහන් කළේය.

රටේ ප්‍රගතිය දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව නොව ජාතික සංවර්ධනය පිළිබඳ පොදු දැක්මකින් ගමන් කළ යුතු බව ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මේ ප්‍රයත්නයට අපිත් එක්ක එකතු වෙන්න කියලා මම සජිත් ප්‍රේමදාසට සහ අනුර දිසානායකට ආරාධනා කරනවා. අපි එකතුවෙලා මේ ගමන යමු යැයි විපක්ෂ නායකයින්ට ආරාධනාවක් ද කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනා කළේ ඉදිරි මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් 26 දෙනෙකු සහ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 250 දෙනෙකු ඇතුළු 15,000කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:LocalPoliticalRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?