ලංකා ප්‍රිමිය ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය අද (18) Colombo Strikers හා Kandy Falcons පැවැත්වුණු අතර, එහිදී කඩුලු 02ක ජයක් හිමිකර ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනා ගත් Kandy Falcons කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි , පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා.
එහිදී Sadeera Samarawickrama ලකුණු 62ක් හා Rahmanullah Gurbaz ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී Mohammad Hasnain කඩුලු 03ක් හා Angelo Mathews, Dasun Shanaka එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුලු 08ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.
එහිදී Kamindu Mendis ලකුණු 54ක් හා Dasun Shanaka ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම, Andre Fletcher ලකුණු 20ක් වන අතර, Angelo Mathews ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.