වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
2016 වසරේ ජාතික සහ ආගමික සංහිඳියාවට හානිදායක ලෙස සැලකෙන ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම වසර මුලදී ඥානසාර හිමියන්ට දඬුවම් නියම කළේය. සිර දඬුවමට අමතරව රු. 100,000 දඩයක්ද පැනවීය.