චිත්‍රපටයක් නීතිවිරෝධී ලෙස පටිගත කර සමාජ මාධ්‍ය වෙත උඩුගත කිරීමේ සිද්ධියක් හේතුවෙන් ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන් විසින් චිත්‍රපට ශාලා තුළ ජංගම දුරකථන තහනම් කරන ලෙස ඉල්ලා තිබේ.
මාධ්‍යවේදීන් අමතමින් ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි කියා සිටියේ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ඔවුන්ගේ ආදායම ආරක්ෂා කිරීම සඳහා ජංගම දුරකථන සිනමාහල්වලින් තහනම් කළ යුතු බවයි.
සිනමා ශාලා හිමියන් මේ සම්බන්ධයෙන් පියවර ගත යුතු බව සඳහන් කළ ඔහු ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව ද මේ සම්බන්ධයෙන් නිල නියෝගයක් නිකුත් කළ යුතු බව සඳහන් කළේය.
විදේශයන්හි නාට්‍ය වේදිකාගත කිරීම සඳහා කැමරා හෝ ජංගම දුරකථන රැගෙන යාමට මහජනතාවට අවසර නොමැති බවත්, එය ශ්‍රී ලංකාවේ සිනමාහල් ක්‍රියාත්මක කළ යුතු බවත් ජයන්ත චන්ද්‍රසිරි වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා ‘සිංහබාහු’ චිත්‍රපටය නීති විරෝධී ලෙස පටිගත කර සමාජ මාධ්‍ය වෙත උඩුගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපති සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය නීති විරෝධී ලෙස පටිගත කර යූ ටියුබ් වෙත උඩුගත කිරීම සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.