අවදානම් වෘත්තීන් අතර ප්‍රධාන තැනක් ගන්නා රා මැදීම සඳහා සමාජයේ ඇත්තේ අවම පිළිගැනීමකි. නමුත් පසුගිය මාසයේ දී රා මදින්නෙකුගේ මාසික වැටුප ලෙස රු. 3,80000 ලබාගෙන ඇති බව මෙරට ප්‍රමුඛතම මත්පැන් නිෂ්පාදන සමාගමක ප්‍රධානියෙකු පවසයි.
එමෙන්ම රු. 60,000 ක් ඉක්මවූ ආදායම් බදු ප්‍රමාණයක්ද එම මාසය තුළ එම රා මදින්නා විසින් ගෙවා ඇති බවද ඔහු පැවසීය.
රා මදින්නන් සඳහා ගෙවීම් කරනුයේ ඔවුන් විසින් දිනකට ලබා ගන්නා රා ලීටර් ප්‍රමාණය මතය. සාමාන්‍යයෙන් පලපුරුදු රා මදින්නෙකු හට දිනකට ගස් 100 කට වැඩි රා ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව පවතී.
කෙසේ වෙතත් වෘත්තීමය අවධානම හා සමාජ පිළිගැනීමේ මඳකම සැලකිල්ලට ගනිමින් බොහෝ විට තරුණයන් මෙම රැකියාවට අවතීරණය වීමේ අඩුවක් පවතී.
ඇතැම් පොල් වතුවල 20000 කට වැඩි පොල් ගස් රාශියක් තිබුණද එයින් භාවිතයට ගැනෙන්නේ පොල් ගස් 10,000 කට අඩු ප්‍රමාණයකි. එයට හේතුව රා මදින්නන්ගෙ හීඟය බව අනාවරණය විය.
මේ අතර මෙරට වෘත්තීමය රා මදින්නන් බිහිකිරීම සඳහා ජාතික ආධුනිකත්ව මණ්ඩලය මේ වන විට වැඩි පිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ සති දෙකක විධිමත් පුහුණුවකින් පසු රා මදින්නන් වෙනුවෙන් ජාතික වෘත්තීය නිපුණතා( NVQ 3 මට්ටමේ) සහතික පතක් ලබාදීමට පියවර ගනිමිනි. ඒ අනුව ඉහළ වැටුප් තලයකට හා පිළිගත් වෘත්තීමය ස්ථාවරත්වයක්ද රා මැදීමේ ක්ෂේත්‍රයට ඉදිරියේදී හිමිවනු ඇත.