ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තබමින් 2024 පැරිස් ඔලිම්පික් උළෙල ගිනි සිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට දර්ශන් සෙල්වරාජ් අද සමත් විය.
2006 වසරේදී ප්‍රංශයට ගොස් අරක්කැමියෙකු ලෙස සේවය කළ දර්ශන් 2023 වසරේදී ප්‍රංශයේ අති විශිෂ්ටතම Baguette නිෂ්පාදකයා ලෙස සම්මානයටද ප්‍රාත්‍ර විය.
සිය දක්ෂතාවය හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයාට පාන් සෑදූ දර්ශන් මෙවර Olympic ගිනිසිලුව රැගෙන යාමේ ගෞරවය හිමිවන පුද්ගලයන් 10000 අතරට එක් වී තිබේ.
එය යළිත් වරක් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබීමට සමත් වූ අවස්ථාවකි.