යුරෝ කුසලාන 2024 පාපන්දු තරඟාවලියේ ඊයේ පැවති අවසන් මහා තරඟය ගෝල 2-1 ලෙස ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරදවමින් ජය ගැනීමට ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම සමත් වුණා.
තරඟයේ ප්‍රථම භාගය පුරාවට තම අණසක පැතිරවූ ස්පඤ්ඤ කණ්ඩායමට ගෝල ලබා ගැනීමේ අවස්ථා කීපයක් ලැබුණත් ඒවායේ නිසි ප්‍රයෝජන ලබා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නෑ.සාපේක්ෂව ඉතා අඩු අවස්ථා ප්‍රමාණයක් එංගලන්ත කණ්ඩායමට ලැබුනේ ස්පාඤ්ඤය බෝලය සම්පූර්ණයෙන්ම පාහේ තමන් නතු කරගෙන සිටි නිසාවෙන්. ඒ 70% ආසන්න ප්‍රමාණයක් රඳවා ගනිමින්.
ඒ අනුව ප්‍රථම භාගය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝල 0-0 ලෙස සම තත්වයේ පසු වුණා.
තරඟයේ දෙවන වටයේ ආරම්භයත් සමඟ ස්පාඤ්ඤ කණ්ඩායමේ ප්‍රභල මැද පෙළ ක්‍රීඩක Rodri ආබාධයකට ලක් වීම හේතුවෙන් තරඟයෙන් ඉවත් කරන්නේ ඔහු වෙනුවට Martin Zubimendi තරඟයට ඇතුළත් කරමින්.
Rodri ආබාධයකට ලක් වීම ස්පඤ්ඤයට විශාල පාඩුවක් වුවත් තරඟයේ 47 මිනිත්තුවේදී සමස්ත තරඟාවලිය පුරාවට පෙන්වූ තම විශිෂ්ඨත්වය නැවතත් විදහා දැක්වූ ස්පාඤ්ඤය තරඟයේ ප්‍රථම ගෝලය වාර්තා කළා. යොවුන් ක්‍රීඩක Lamine Yamal විසින් සහය ලබා දුන් එම ගෝලය වාර්තා කළේ Nico Williams.

ඉන් අනතුරුව එංගලන්තය ඉතා අසීරු තත්වයකට පත් කරමින් ක්‍රීඩා කළ ස්පාඤ්ඤය ගෝල ලබා ගැනීමට ආසන්න අවස්ථා කීපයක් නිර්මාණය කරගත්තත් ඒවා සාර්ථක වූයේ නෑ. එංගලන්ත දැල් රකින ක්‍රීඩක Jordan Pickford ඒවා බොහොමයක් රැක ගැනීමට සමත් වුණා.
නමුත් තරඟය උඩු යටිකුරු කරමින් 73 වන මිනිත්තුවේ කිසි ලෙසකින්වත් නොසිතූ අවස්ථාවක් නිර්මාණය කරගනිමින් ආදේශක ක්‍රීඩකයෙක් ලෙස එංගලන්තය ඇතුළත් කළ Cole Palmer ඔවුන් වෙනුවෙන් ප්‍රථම ගෝලය ලබා ගනිමින් තරඟය නැවත සම තත්වයට ගෙන ඒමට සමත් වුණා.

නැවතත් 86වන මිනිත්තුවේදී ස්පාඤ්ඤයේ විසින් Mikel Oyarzabal ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කළේ ඔවුන් ජයග්‍රහණයේ ආසන්නයටම රැගෙන යමින්.

ඉන් අනතුරුව තරඟයේ 90 මිනිත්තුවේදී එංගලන්තය ගෝලයක් ලබා ගැනීමේ ආසන්නයටම පැමිණියත් දැල් රකින්නා මඟ හරිමින් පැමිණි බෝලය දැල ආසන්නයේ සිට හිසෙන් ආවරණය කරමින් ඉවත් කරන්නට ස්පාඤ්ඤයේ Dani Olmo සමත් වුණා.

තවත් මඳ වේලාවකින් විනිසුරුකරු විසින් තරඟය අවසන් බවට දැනුම් දීමත් සමඟ ස්පාඤ්ඤය යුරෝ 2024 ශූරයන් ලෙස අභිශේක ලැබුවා.
එය ඔවුන් ශූරතාවය ලබා ගත් සිවු වන අවස්ථාව වීම විශේෂත්වයක්. ඒ අනුව වැඩිම වාර ගණනක් යුරෝ ශූරයන් බවට පත් වූ කණ්ඩායම වීමටත් ස්පාඤ්ඤය සමත් වුණා.

තරඟාවලියේ හොඳම යොවුන් ක්‍රීඩකයාට හිමි සම්මානය හා තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය පිළිවෙලින් ස්පාඤ්ඤයේ Lamine Yamal හා Rodri විසින් දිනාගනු ලැබුවා.




තරඟාවලිය පුරා සියළු තරඟ ජය ගනිමින් ශූරතාවයද දිනා ගනිමින් ක්‍රෝෂියාව, ජර්මනිය, හා ප්‍රංශය යන ප්‍රබල කණ්ඩායම් තරඟාවලියෙන් ඉවත් කරමින් ස්පාඤ්ඤය මේ ලැබූ ජයග්‍රහණය කිසිදා නොමැකෙන ලෙස ඉතිහාසයට එක් වෙනවා නොඅනුමානයි.
ඔවුන් මීළඟට අද දිනයේදී පිට පිට දෙවන වතාවටත් ඇමරිකානු ශූරයන් බවට පත් වූ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල පළමු තැන සිටින ලයනල් මෙසී ප්රමුඛ ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම සමඟ මුහුණට මුහුණ ගැටීමට නියමිතයි.ඒ යුරෝපා සහ ඇමරිකානු කලාප දෙකේ ශූරයන් අතර පැවැත්වෙන Finalissima කුසලානය වෙනුවෙන්.