ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වැනි තරගය ලෙසින් Kandy Falcons සහ Jaffna Kings කණ්ඩායම අතර අද (13) පැවැති තරගය ජය ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුලු 04කින් Kandy Falcons කණ්ඩායම පරාජයට පත් කරමින්.
අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Kandy Falcons කණ්ඩායම ලකුණු 78ක් රැස් කිරීමට සමත් වුණා.
තරග ආරම්භයට පෙර පිටියට ඇඳ හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය කණ්ඩායම් දෙකටම පන්දුවාර 07 බැගින් සීමා කිරීමටයි විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ.
ඒ අනුව කාසියේ වාසිය හිමිකරගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kandy Falcons කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.
එහිදී නියමිත පන්දුවාර 07 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 78ක් රැස්කළ Kandy Falcons කණ්ඩායමේ Mohammad Haris ලකුණු 30ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 21ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11ක්ද, නායක වනිඳු හසරංග නොදැවි ලකුණු 02ක්ද රැස් කරනු ලැබුවා.
ඒ අනුව ලකුණු 79ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම පන්දුවාර 05යි පන්දු 05ක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 79ක් රැස් කරගනිමින් මෙම තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
නායක චරිත් අසලංක ලකුණු 26ක්ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 16ක්ද, Azmatullah Omarzai නොදැවී ලකුණු 26ක්ද රැස් කිරිමට සමත් වුණා.
පන්දු යැවීමේදී Wanindu Hasaranga සහ Angelo Mathews කඩුළු 02 බැගින්ද, Dasun Shanaka එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.