By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කොලොන්න වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කොලොන්න වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට
දේශීය

කොලොන්න වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට

Last updated: July 12, 2024 11:58 am
1 Min Read
Share
Kolonna shooting STF arrests two murder suspects with firearms and drugs

මෙම සතිය මුලදී කොලොන්න ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අපරාධය සඳහා භාවිත කළ බව කියන ගිනි අවි සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිද්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක් අසලදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

රාමනායකගේ ඉන්දික කුමාර නොහොත් කැලේ මහින්ද සහ ජයවර්ධන අබේසිංහ පතිරණගේ සඳකැළුම් ජයවර්ධන යන සැකකරුවන් දෙදෙනා මෙරට නිෂ්පාදිත ගල්කටස් ගිනි අවි 02ක්, ජීව උණ්ඩ 02ක්, හෙරොයින් ග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. වෙඩි තැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් සහ ජංගම දුරකථන 3ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා කොලොන්න පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

මේ අතර, මෙම සැකකරුවන් ප්‍රංශයේ සිට මේ වනවිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයක් පවත්වාගෙන යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රොටුඹ අමිලගේ සමීපතමයින් බවටද අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට මීට පෙර මංකොල්ලකෑම්, පහරදීම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවට ද චෝදනා එල්ල වී ඇති බවද අනාවරණය වී තිබේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:FiringKolonnaLocalSri LankaSTFSuspects
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?