කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ගල්කිස්ස දිසා අධිකරණයේ රාජකාරි කළ සමයේ සිදු කල බව කියන අක්‍රමිකතා වලට අදාළ චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඔහුගේ සේවය අත්හිටුවා තිබේ.
මව්බිම පුවත්පතට අනුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අධිකරණයෙන් මහේස්ත්රාත්වරයාගේ නිල නිවසට විදුලිය හා ජල සැපයුම නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
පරීක්ෂණ පැවැත්වෙන බැවින් විමර්ශන අවසන් වනතුරු මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව 2024 ජූලි 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ වැඩ තහනම් කර ඇත.
ජුලි 08 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මූලික විමර්ශනයක් ආරම්භ කෙරිණි.
ගල්කිස්ස දිසා අධිකරණ විනිසුරුවරයාගේ අක්‍රමිකතා සිද්ධිය හුවා දක්වමින් පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුවයි මෙම විමර්ශනය ආරම්භ වන්නේ.