මෙම සතිය මුලදී කොලොන්න ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අපරාධය සඳහා භාවිත කළ බව කියන ගිනි අවි සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිද්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක් අසලදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
රාමනායකගේ ඉන්දික කුමාර නොහොත් කැලේ මහින්ද සහ ජයවර්ධන අබේසිංහ පතිරණගේ සඳකැළුම් ජයවර්ධන යන සැකකරුවන් දෙදෙනා මෙරට නිෂ්පාදිත ගල්කටස් ගිනි අවි 02ක්, ජීව උණ්ඩ 02ක්, හෙරොයින් ග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. වෙඩි තැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් සහ ජංගම දුරකථන 3ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා කොලොන්න පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
මේ අතර, මෙම සැකකරුවන් ප්‍රංශයේ සිට මේ වනවිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයක් පවත්වාගෙන යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රොටුඹ අමිලගේ සමීපතමයින් බවටද අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට මීට පෙර මංකොල්ලකෑම්, පහරදීම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවට ද චෝදනා එල්ල වී ඇති බවද අනාවරණය වී තිබේ.