ලංකා ප්රිමියර් ලීග් Kandy Falcons සහ Galle Marvels කණ්ඩායම් අතර අද (10) පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 187ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි Galle Marvels කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.
එහිදී Alex Hales නොදැවී ලකුණු 86ක් රැස් කළ අතර Bhanuka Rajapaksa නොදැවී ලකුණු 46ක් රැස් කළා.
පන්දු යැවීමේ දී Wanindu Hasaranga සහ Andre Fletcher එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
එමෙන්ම Kandy Falcons කණ්ඩායම වෙනුවෙන් Andre Fletcher ලකුණු 69ක් රැස් කළ අතර Dinesh Chandimal ලකුණු 32ක් සහ Angelo Mathews ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී Prabath Jayasuriya කඩුලු 3ක් දවා ගත අතර Dwaine Pretorius කඩුලු 2ක් දවා ගත්තා.