රජය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය අත්හිටුවීමට ශ්‍රී ලංකා දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
මේ අතර, වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සේවයට වාර්තා කළහොත් ඔවුන් තනතුරු හැර ගිය බවට සළකා එවන ලද ලිපි ඉල්ලා අස්කර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
වැඩවර්ජනයට සහභාගී වූ සියලුම දුම්රිය සේවකයින්ට තමන් සිය තනතුරුවලින් ඉවත් වූ බවට සලකන බවට දන්වමින් ලිපි යවා ඇති බව අමාත්‍ය ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කර තිබුණි.